දේශීය

මට්ටක්කුලියේ අමානුෂික පුද්ගල ඝාතනයක්

මට්ටක්කුලිය ජෝජ් පීරිස් මාවතේදී පුද්ගලයෙකුව කපා කොටා ඝාතනය කර තිබේ.

 

අදාළ ස්ථානයේ ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව ඊයේ (24) රාත්‍රියේ පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී තුවාල සහිතව බිම වැටී සිටි පුද්ගලයෙකු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

 

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී අදාළ පුද්ගලයා මියගොස් තිබේ.

 

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

 

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවය.

 

මෙම ගැටුමේදී තුවාල ලැබූ 28 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

මේ අතර ඊයේ රාත්‍රියේදී පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්පුමුල්ල පාසල් මාවත ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් වාර්තා වී තිබේ.

 

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 24 හැවිරිදි පුද්ගලයෙක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

පානදුර ප්‍රදේශයේ පදිංචි ‘රන්කැටියා’ නමැති අයෙකු විසින් ධීවර වත්ත මෝදර මොරටුව ප්‍රදේශයේ පදිංචි සංජීව රුක්මාල් නමැති අයට මෙසේ කඩුවකින් පහරදී ඇති බවට වාර්තා වෙයි.

 

මෙම පහරදීම මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කරගෙන සිදුවූවක් බව පානදුර දකුණ පොලීසිය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top