දේශීය

පිරමීඩ් මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් අවවාදයක්

පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.

 

තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකු සිදුකරන්නේ දඞුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පවසයි.

 

ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව පෙන්වා දෙයි.

 

එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකාබලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ඒ අනුව මහ බැංකුව විසින් තහනම් කරනු ලබන ආයතන වන්නේ,

 

01. Tiens Lanka Health Care (Pvt) Ltd.

02. Best Life international (Pvt) Ltd.

03. Global Lifestyle Lanka (Pvt) Ltd.

04. Mark-Wo international (Pvt) Ltd.

05. V M L international (Pvt) Ltd.

06. Fast 3Cycle international (Pvt) Ltd (F3C)

07. Sport Chain App,Sports Chain ZS society Sri Lanka

08. OnmaxDT

09. MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd, MTFE DSCC Group (Pvt) Ltd.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top