දේශීය

ප්‍රදේශ රැසක නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

 

ඔහු පැවසුවේ එවැනි තත්ත්වයන් මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති අතර දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව සිදුකරන බවය.

 

ගම්පහ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේය.

 

“ශ්‍රී ලංකා පොලීසිය සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දින පතාම ලැබෙන තොරතුරු ඔස්සේ වැටලීම් කරලා ඒ විකුණන බෙදාහරින පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවා. තවදුරටත් ශක්තිමත්ව ඉදිරියේ දී මහජන සහාය මත ඒ තීව්‍ර කරන්න කටයුතු කරනවා. ඒ වගේම සමාජයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසක් සිටීම මේ අපේ ප්‍රදේශවල යුක්තිය සාමය පත්වාගෙන යාමට විශාල හානියක් වෙලා තියෙනවා. සිදුවන හොරකම්, ගෙවල් බිඳීම්, මංකොල්ලාකෑම්, වාහන හොරකම් කිරීම සහ නිවස තුළ ඇති වන ගෘහස්ථ ප්‍රචන්ඩත්වය පවා ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට.

 

කොළඹ, කැලණිය, නුගේගොඩ සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවල දැනට ක්‍රියාත්මක වෙච්ච සවිය වැඩසටහන මේ මාසේ අවසානේ ඉඳලා මීගමුව ප්‍රදේශයේ ඒ වගේම ගම්පහ පොලිස් කොට්ඨාසයෙත් කළුතර සහ පානදුර කොට්ඨාසවලත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මුලික කටයුතු මේ දවස්වල සිදුකරමින් යනවා. සැප්තැම්බර් මාසේ මුල් සතිය වෙන කොට මේ පොලිස් කොට්ඨාසවලත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top