දේශීය

පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වැසෙයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් සහ ගල් කඩාවැටීමෙන් එම මාර්ගය කොටමුදුන ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලීසිය පැවසුවේය.

 

පවතින අවදානම හමුවේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව සඳහන්ය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top