දේශීය

නාවික හමුදාව ඇල්ලූ හෙරොයින් තොගය කොළඹට

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගයේ බර කිලෝ 225කට අධික බව අනාවරණය වී තිබේ.

 

නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

 

මේ අතර එම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 450කට අධික බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

රාජ්‍ය බුද්ධි සේවාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව පසුගිය 19 වනදා මෙම වැටලීම සිදුකර ඇත.

 

දෙවුන්දර සිට දකුණු දෙසට කිලෝමීටර් 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී එම වැටලීම සිදුකර තිබේ.

 

එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කෙරුණු අතර එය පරීක්ෂා කිරීමේදී හෙරොයින් බවට සැකකරෙන උර 9ක් සොයා ගෙන තිබේ.

 

එම උර 9 තුළ පාර්සල් 200ක අසුරා තිබී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

 

මෙහිදී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අවුරුදු 30ත් 48ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් කුඩාවැල්ල, තිස්සමහාරාම, කෝට්ටගොඩ සහ මාමඩල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

 

එහිදී සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, ධීවර යාත්‍රාව හා හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

 

එම යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ආ අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද පැමිණ සිටියේය.

 

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පසුගිය 20 වැනිදාද රුපියල් කෝටි හාරසියයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 212ක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුගිය 22නිදා ඒවා දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ආවේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top