දේශීය

නාමල් නිදොස් කොට නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරු විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

 

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කළේය.

 

තීරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුව විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කළ සාක්ෂි විශ්වාසනීයත්වයෙන් තොර බවය.

 

අධිකරණය විසින් සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවාද යන කරුණ පමණක් බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top