දේශීය

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

අද උදෑසන තලංගමදී සිදුකළ වෙඩිතැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

 

වෙඩිවැදුණු පුද්ගලයා කොරාඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

පොලීසිය පැවසුවේ අද උදෑසන තලංගම රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් තිබුණි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top