ක්‍රීඩා

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පසුගිය නොවැම්බර් මස සිට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17) පියවර ගත්තේය.

 

කෙසේවෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා එල්ල කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවය.

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

 

“අධිකරණයට කරුණු වාර්තා කරලා නීතිපති උපදෙස් එක්ක තමයි ඔහුට තහනම ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඔහුගේ තහනම ඉවත් කරන්න නම් නැවත නීතිපති සමග සාකච්ඡා කරන්න අවශයයි. අධිකරණයටත් කරුණු වාර්තා කරලා තමයි එහි ඉදිරි කටයුතු කරන්න ඕනේ. ඒ නඩුව තාම පවතිනවා.”

 

ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තරුණියකට ලිංගික අතරවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව 2022 වසරේ නොවැම්බ්ර් මස 6 වෙනිදා සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

 

ඒ සමඟ 2022 නෙවැම්බර් මාසයේ සිට ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබුණි.

 

නමුත් මෙම වසරේ සැප්තැම්බර් 28 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කෙරුණි.

 

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට පැනවු තරග තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද උදෑසන පියවර ගත්තේය.

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා එල්ල කරන්නේ ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top