දේශීය

තවත් දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේය.

 

ඒ අනුව අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.

 

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top