දේශීය

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකිය.

 

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

 

මේ අතර, “මිජවුම්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබුණ ද එහි බලපෑම තවදුරටත් පවතින බවය.

 

මේ අතර අධික වර්ෂාපතන තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

මහනුවර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද උදෑසන සිට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top