දේශීය

ජූලි මාසයේ අස්වැසුම දීමනාව සඳුදා බැංකුවට

දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජුලි මාසයට අදාළ මුදල් සඳුදා දින බැංකු වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරමින් සිටී.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දී තිබේ.

 

එමෙන්ම තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 

මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ඒ අනුව අඟහරුවාදා සිට බංකු මඟින් ප්‍රතිලාභින්ට මුදල් ලබාගැනීමට හැකියාව පවතී.

 

එමෙන්ම වැරදි තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරන අතර කිසිම සුදුසු පුදගලයෙක් මඟ නොහැරෙන සේ රජය කටයුතු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top