ක්‍රීඩා

කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය බෙන්ගලූරු හිදී තව සුළු මොහොතකින් ආරම්භ වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් වූ අතර ඒ අනුව නායක ජොස් බට්ලර් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ව කණ්ඩායමට එක්කර තිබේ.

 

2023 තරගාවලිය මැතිව්ස් සහභාගී වන සිව්වන ලෝක කුසලාන තරගාවලිය ලෙස දැක්වෙයි.

 

එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර තිබේ.

 

ඒ හැරී බෘක්, රීස් ටොප්ලි, ගස් ඇට්කින්සන් වෙනුවට මොයීන් අලි, ලියම් ලිවින්ස්ටන් සහ ක්‍රිස් වෝක්ස් කැඳවා තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top