දේශීය

අනුලාගේ දේහය හඳුනාගනී

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ජයතිලකගේ දේහය ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

 

ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ඊශ්‍රායලයේ Petah Tikva හිදී ඇයගේ දේහය හඳුනාගත් බවය.

 

ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

 

“මම පෞද්ගලිකවම එම ස්ථානයට ගියා. ඇයගේ සිරුරේ හඳුනාගත හැකි කොටස් පරීක්ෂා කර බැලුවා. ඒ අනුව ඇයගේ වැඩිමහල් පුත්‍රයා සනාථ කළා ඒ මවගේ සිරුර බවත් ලිඛිත සටහනක් තනාපති කාර්යාලයට ලබාදෙන බවත්.”

 

“ඒ අනුව අපි උත්සාහ කරනවා හෙට දිනයේ පෙරවරුවේ ඊශ්‍රායල් විහාරස්ථානයේදී ඇයගේ දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් සිදුකරන්න.”

 

“ඊශ්‍රායලයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට ඇයගේ සිරුරට අවසන් ගෞරව දැක්වීම සඳහාත් අවස්ථාව ලබාදෙනවා.”

 

“ඉන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට බලාපොරොත්තු වෙනවා.”

 

“මෙම වැඩකටයුතුවලදී DNA සාම්පල පරීක්ෂා කිරීමට අපේක්ෂා කළත් සිරුර හඳුනාගැනීමේදී ඥානීත් සෑහීමකට පත්වුණා මවගේ සිරුර බවට. ශ්‍රී ලංකා තානාපති ලෙස මා වෙත ලබාදී තිබෙන තොරතුරු අනුව මමත් සෑහීමකට පත්වෙනවා මේ ඇයගේ සිරුර බවට. ඒ අනුවයි ඇයගේ සිරුර ශ්‍රී ලංකාවට යැවීමට බලාපොරොත්තු වෙන්නේ.”

 

“දරුවන් දෙදෙනාටත් ඇයගේ ස්වාමියාටත් පවුලේ ඥාතීන්ටත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇයගේ දේහය දැකගන්නට අවස්ථාව ලබාදුන්නා.”

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top