ක්‍රීඩා

අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්

Major League තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය දැක්වූ සුපිරි දක්ෂතාවයක් ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

 

තරගය පැවැත්වුණේ Ragama Cricket Club සහ Colts Cricket Club අතරයි.

 

එහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Ragama Cricket Club සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කරගත්තේය.

 

පළමු ඉනිමේදීද අගනා පන්දු යැවීමක නිරත වූ අකිල ලකුණු 100කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය.

 

සිය පළමු ඉනිම සඳහා Colts ක්‍රීඩා සමාජය සියලුදෙනා දැවී ලකුණු 334ක් රැස්කරගැනීමට සමත්විය.

 

එහිදී මුදිත ලක්ෂාන් ලකුණු 79ක් සහ සංගීත් කුරේ ලකුණු 68ක් බැගින් රැස්කරගත්තේය.

 

පන්දු යැවීමේදී Ragama ක්‍රීඩා සමාජය වෙනුවෙන් යොහාන් ලියනගේ කඩුලු 4ක් සහ ශෂික දුල්ශාන් කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

 

සිය දෙවන Ragama ක්‍රීඩා සමාජයේ සියලු බලාපොරොත්තු පන්දුවාර 35යි පන්දු 5ක් අවසානයේ ලකුණු 142ක් පමණක් රැස්කර සිටියදී අවසන් කිරීමට අකිල ධනංජයගේ සුපිරි පන්දුයැවීමට හැකිවිය.

 

එහිදී පන්දුවාර 18ක් යොමුකළ අකිල නිලකුණු පන්දුවාර 2ක් සමග ලකුණු 56කට කඩුලු 9ක් දවාගැනීමට සමත්විය.

 

ඒ අනුව තරගයේ ඉනිම් දෙක තුළදී අකිල විසින් දවාගත් කඩුලු සංඛ්‍යාව 15කි.

 

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ Colts ක්‍රීඩා සමාජය පන්දුවාර 7යි පන්දු එකකදී කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස්කරගමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top