வகைப்படுத்தப்படாத

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉබ්‍රාහිම් මොහොමඩ් ඉන්සාබ් නැමැත්තාට අයත් පැවසෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය.

එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටිම මත එම සලකා බලා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකරු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද නියම කළේය.

මෙම තඹ කම්මලේ සේවය කළ තවත් සේවකයින් නව දෙනෙකු ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

More rain in Sri Lanka likely

இன்றைய தினம் முக்கிய தீர்மானங்களை எடுக்கவுள்ள அரச மருத்துவ அதிகாரிகள் சங்கம்

Chief Justice summoned before COPE