வகைப்படுத்தப்படாத

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.

(UTV| ඇමරිකාව) – ලොව ඉහළම ආදායමක් ලබන ජනප්‍රිය පුද්ගලයින් අතර මුල් තැන ලබා ගැනීමට ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමත්ව ඇති බව වාර්ෂිකව එළිදක්වනු ලබන සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ මේ බව සඳහන් වී තිබේ.

29 හැවිරිදි ඇය 2018 ජූනි 1 වැනිදායින් ඇරඹෙන වර්ෂයේ බදු ගෙවීමට පෙර ගණනය කිරීම් අනුව ඩොලර් මිලියන 185ක ආදායමක් ලබා ගෙන ඇතැයි තක්සේරු කර ඇත.

2016 වසරේ දී ද ඇය මෙම ලැයිස්තුවේ පළමු තැන ලබා ගත් අතර ඒ වනවිට ඇගේ ඉපයීම ඩොලර් මිලියන 170 ක් ලෙස ගණන් බලා තිබුණි.

සමාජ මාධ්‍ය සහ රියලිටි TV තරුවක් වන කයිලි ජෙනර් වැඩිම ආදායමක් ලබන ජනප්‍රිය පුද්ගලයින් අතර දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 170 ක ආදායමක් සමඟිනි.

ඩොලර් මිලියන 150 ආදායමක් සමඟින් රැප් ගායක Kanye West මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය අත්කරගෙන සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Rights Groups in Nepal protest Lanka President’s decision to execute drug convicts

உதவி ஆசிரியர்கள் தொடர்ச்சியாக ஏமாற்றப்படுகிறார்கள். ஆசிரியர்கள் வீதிக்கு இறங்கும் நிலையை ஏற்படுத்தாதீர்கள். – மத்திய மாகாண சபை உறுப்பினர் கணபதி கனகராஜ்

‘முஸ்லிம் சமூகத்தைப் பாதிக்கும் எந்தவொரு தீர்வுக்கும் ஒருபோதும் இடமளியோம்’