வகைப்படுத்தப்படாத

රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයාගේ අත්සනින් යුතු ලිපියක්

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරතනය ගැන මෑතක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් දරණ ලද අදහස් පිළිබඳව අවධානය යොමු කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ලිපියක් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යවා තිබේ.

ඒ අනුව 2019 ජූලි 21 වන දිනට පෙර මහා සංඝරතනය ගැන දැක්වු අදහස් සම්බන්ධයෙන් ලිඛිත දැනුවත් කිරීමක් තමන්ට එවන ලෙස දන්වා තිබුණු බවද අගමැතිවරයා මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

එම අදහස් පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමඟ පරස්පර බවද අගමැතිවරයා එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තමා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද අගමැතිවරයා මෙම ලිපිය මඟින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ලිපිය පහතින්

Related posts

Presidential Comm. report on SriLankan, Mihin tomorrow

Kyoto Animation fire: Arson attack at Japan anime studio kills 33

උණුසුම් කාළගුණය තවදුරටත්