வகைப்படுத்தப்படாத

මෙරට ජලාශවල ජලජ ශාක වගා කිරීමට පුද්ගලික අංශයට ආරාධනා

(UTV| කොළඹ) – දැන් ජලජ ශාක වගා කිරීමට අප පුද්ගලික අංශයට ආරාධනා කරන බව කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී .හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරා ආයතනයේ පිහිටි ජල ජීවී වගා ප්‍රවර්ධනය සඳහා ඉදිකළ ජලජීවී වගා පර්යේෂණ කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

“අප වටා මුහුද තිබුණත් මේ වන විට මත්ස්‍ය සම්පතෙහි අඩුවක් දකින්න ලැබෙනවා. මේ හේතුව නිසාම දේශසීමා උල්ලංඝනය කිරීමට ධීවරයන් පෙළඹෙනවා. අපි අපේ දේශසීමාව තුළ මත්ස්‍ය වගාව සාර්ථකව ආරම්භ කළ යුතු කාලය දැන් එළඹිලා තියෙනවා”.

“දැන් මේ ජලජ පැළෑටි වගා කිරීමත් එලෙසම ජල ජීවී වගා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මසුන් වගා කිරීමත් අපි ලද ජයග්‍රහණයක් නවීන තාක්ෂණය භාවිතා කරමින් මාළු නිෂ්පාදනයේ දී භාවිත කරන ජලය නැවත පිරිපහදු කරගෙන නැවත මත්ස්‍ය වගාව සඳහා යොදා ගැනීමේ තාක්ෂණය මම දැක්කා මෙම මධ්‍යස්ථානය තුළින් ඒක බෙහෙවින් වටිනා කාරණයක් ජල ජීවී ශාක මිනිස් පරිභෝජනයට ජපානය වගේ රටවල් යොදාගන්නවා හොඳ ඉල්ලුමකුත් තියෙනවා. අපනයනය සඳහා ඉදිරියේදී ජලජ ශාක වර්ධනය කිරීමත් මෙමගින් අපි බලාපොරොත්තු වෙනවා.

“ලංකාව වටා ඇති මුහුදු තීරය අපි හරි ප්‍රයෝජනයක් ගන්නවද කියන එක අපි හිතල බලන්න ඕනේ මේ මුහුදු තීරය සංරක්ෂණය කිරීම සහ ජලජ ශාක වගාව ප්‍රවර්ධනය තුළින් මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම ඉදිරියේදී අප කළ යුතුව තිබෙනවා. දැන් ජලජ ශාක වගා කිරීමට අප පුද්ගලික අංශයට ආරාධනා කරනවා ඊට පස්සේ අපිට පුළුවන් ජපානයට, කොරියාවට මේවා අපනයනය කරන්න. ඒ වගේම ධීවර කර්මාන්තය නඟාසිටුවීම තුළින් මසුන් අපනයනය කිරීම ඉදිරියේදී කළ යුතුව තිබෙනවා එය අපට අභියෝගයක්. මත්ස්‍ය අපනයනය කිරීම සඳහා අදාල වෙළඳපල සකසාදීම රජයක් ලෙස අපි කළ යුත්තක් ඒ සඳහා අප ඉදිරියේ දී කැප වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

SLC announces 22-man squad for Bangladesh ODIs; Chandimal left out

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තහනම් නියෝගයක්

Archdiocese of Colombo receives Rs. 350 m to help Easter attack victims