வகைப்படுத்தப்படாத

මැදවච්චියේ සිදුවූ අනතුරකින් තිදෙනෙක් මරුට

(UTV|අනුරාධපුරය) – මැදවච්චිය,අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

යාපනය දෙසට ධාවනය වු සුඛෝපබෝගී පුද්ගලික බස් රථයක් දඹුල්ල දෙසට ධාවනය වු ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබේ.

මෙහිදී බස්  රථයේ ගමන් ගත් අට දෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක්  වු පිරිමි පුද්ගලයෙකු ,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් තිදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර රෝහලට වෙත මාරු කර යවා ඇති අතර මෙම තුවාලකරුවන් අතර කාන්තාවක්,පිරිමි පුද්ගලයෙක් සහ ගැහැණු ළමයි දෙදෙනෙක් සහ පිරිමි ළමයෙක් සිටින බව වාර්තාවේ.

මෘත ශරිර මැදවච්චි රෝහලේ තැම්පත් කර ඇත.

ලොරි රථයේ රියදුරු පලා ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

டெவன் ஓயா ஆற்றுப்பகுதியில் மீன் கழிவுகள் கொட்டுவதால் பாதிப்பு பிரதேசவாசிகள் விசனம் – [PHOTOS]

பேதங்கள் எதுவுமின்றி அனைத்து மக்களும் சமமாக மதிக்கப்பட வேண்டும் – எதிர்க்கட்சித் தலைவர் இரா.சம்பந்தன்

China’s Sinopec sets up fuel oil unit in Sri Lanka