வகைப்படுத்தப்படாத

පුජීත්ට සහ හේමසිරිගේ එරෙහි පෙත්සම ලබන මසට කල් තැබේ.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය යළි සලකා බැලීම අගෝස්තු මස 01 වැනිදා දක්වා කල් තැබිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමේ අවස්ථාවට පැමිණ සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වැනිදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

லொறி மீது பேருந்து மோதிய விபத்தில் 36 பேர் உயிரிழப்பு

சட்டவிரோத கசிப்பு விற்பனையாளர்களினால் வாழ்வாதாரம் பாதிப்பு!

Kyoto Animation fire: Arson attack at Japan anime studio kills 33