வகைப்படுத்தப்படாத

ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්.

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (01) දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොළොන්නරුව, මඩකළපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවත් , ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ඔවුන් ජනතාවට දැනුම් දෙයි.

මේ අතර සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට සිහින් වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கிழக்கு முதலமைச்சர் மற்றும் ஐக்கிய அரபு இராச்சிய தூதுவர் ஆகியோருக்கிடையில் சந்திப்பு

Dayasiri appears before PSC

3,493 drunk drivers arrested within 12 days