வகைப்படுத்தப்படாத

ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද තවත් සාකච්ඡාවක

(UTV| කොළඹ) –  අද පෙරවරුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණාත්මක සාකච්ඡාවක නිරත් වුණි.

ඒ යළි තමන් අමාත්‍ය ධුර භාර ගන්නේ ද නැද්ද යන්න පිළිබදවය.

මෙම සාකච්ඡාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද සහභාගී වී තිබේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී සාකච්ඡාවක නිරත වුණි.

මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ යළි අමාත්‍ය ධූර භාර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, අද පැවති සාකච්ඡාවේදී පැමිණෙන එකඟතාවන්ට අනුව තීරණයක් ගන්නා බව මුස්ලිම් මන්ත්‍රීවරු   පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சீரற்ற காலநிலை காரணமாக பாடசாலைகளுக்கு விடுமுறை

FCID scans Batticaloa campus funding

A police operation to nab Beliatta chairman