வகைப்படுத்தப்படாத

ඩෙංගු අවධානම ඉහළට

ඩෙංගු රෝගය ඉහළ යාමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැසි සහිත කාලගුණය යළි සක්‍රීය වීමත් සමඟ මෙම ප්‍රවණතාව හටගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේය.

2019 වසරේ මේ වන විට ඩෙංගු රෝගීන්  26000ක් වාර්තා වී ඇති බවද  ඇය පවසයි.

කොළඹ , ගම්පහ ,කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල සහ නුවර යන දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු අවධානම පවතින බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

විශේෂයෙන් මේ දිනවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම පිළිබඳව සියළුදෙනා අවධානය යොමු කල් යුතු බවද වෛද්‍යවරිය පෙන්වා දෙයි.

එසේ සිදු කළහොත් රෝගය අවම මට්ටමක තබා ගැනීමට හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Monsoon kills dozens in Nepal, India and Bangladesh

Premier appoints Committee to look into Ranjan’s statement

மாவட்ட மட்டத்தில் நல்லிணக்க குழுக்கள்