வகைப்படுத்தப்படாத

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සීමා කරයි.

(UTV| කොළඹ) – කෑගල්ල, වෑවලදෙනිය රජමහා විහාරස්ථානයේ පවත්වන වාර්ෂික පෙරහැර හේතුවෙන් ලබන සෙනසුරාදා (27) දින රාත්‍රී 07 සිට කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ රංවල හන්දිය සිට මීපිටිය හන්දිය දක්වා ගමනාගමන කටයුතු සීමා කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව එදින සිට පෙරහැර අවසන් වන දින තෙක් මෙසේ ගමනාමන කටයුතු සීමා කෙරෙන බව සඳහන්.

මෙම තත්වය මත අදාළ කාල සීමාව තුළ ඉහත මාර්ගයේ ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන රංවල විකල්ප මාර්ගය ඔස්සේ මීපිටිය මාර්ගය දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.

එසේම මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන මීපිටිය විකල්ප මාර්ගය දක්වා ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නි‍වේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]



Related posts

The final report of the select committee probing the Easter Sunday Attack to be released on 23rd of August

சட்டவிரோதமாக தங்கியிருந்த 121 இலங்கையர்கள் நாடு திரும்பினர்

சத்தோசவில் விற்பனை செய்யப்படும் பாஸ்மதி அரிசியில் சிக்கல் இல்லை – அமைச்சு