வகைப்படுத்தப்படாத

අනතුරටපත් මගී ප්‍රවාහන යාත්‍රාවක සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනී

(UTV|යාපනය) – යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් දස දෙනෙකු (10) බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේදී කටයුතු කර ඇත.

ඒ අනුව, කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මෙම මගී ප්‍රවාහන යාත්‍රාව කරප්පන් සිට නාවික සැතපුම් 1.5 ක පමණ දුරක දී එම යාත්‍රාවේ අවරපෙත්තේ ලණුවක් පැටලීම හේතුවෙන් මෙලෙස ආපදාවට පත්ව ඇති බවට නාවික හමුදාවට කළ දැනුදිමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් එම ස්ථානයට වෙත පිටත් කර යැවීමට කටයුතු කර ඇත.

නාවික හමුදා යාත්‍රාවන් කඩිනමින් එම ස්ථානය වෙත ලඟා වූ අතර, ආපදාවට පත් මගීන් අටදෙනෙකු, එම යාත්‍රවේ අයිතිකරු සහ ඔහුගේ සහයකයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් පිරිසක් බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Ginigathhena landslide Tragedy: Body of missing shop owner recovered

Storm Reid to play Idris Elba’s daughter in ‘The Suicide Squad’

பொகவந்தலாவயில் விபத்து