வகைப்படுத்தப்படாத

Fortnite පරිගණක ලෝක ශූරතාව 16 හැවිරිදි Kyle Giersdor ට

(UTV| ඇමරිකාව) – ලොව පුරා අතිශය ජනප්‍රිය Fortnite පරිගණක ක්‍රීඩාවේ ලෝක ශූරතා තරඟාවලිය ඇමරිකානු ක්‍රීඩක Kyle Giersdorf ජයග්‍රහණය කළේය.

16 හැවිරිදි ඔහුට එතෙක් මෙතෙක් e-sport ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල මෙලෙස හිමිවුයේය

කේවල වටයෙන් පළමු ස්ථානය ලබා ගත් Kyle දිනූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 3ක් වේ.

මෙම තරඟාවලිය සඳහා වෙන් කර තිබූ සම්පූර්ණ ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 30කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවසන් තරඟය නරඹන්නන් දහස් ගණනක් මධ්‍යයේ ඇමරිකාවේ Arthur Ashe ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල ක්‍රීඩක‍යන් මිලියන් 200කට අධික පිරිසක් මෙම Fortnite පරිගණක ක්‍රීඩාව හා සම්බන්ධව සිටින අතර මෙවර පැවති ලෝක ශූරතාවය සඳහා මිලියන 40ක පමණ ක්‍රීඩකයන් තරඟ වැදුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CID obtains 9-hour long statement from Hemasiri

கல்விப் பொதுத்தராதர சாதாரணதரப் பரீட்சைகள் இன்றுடன் நிறைவு

புதிய கலக்சி எனப்படும் நட்சத்திரமண்டலத்துக்கு, சரஸ்வதி என பெயர்