வகைப்படுத்தப்படாத

සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(UTV| කොළඹ) – අගෝස්තු මස 05 වනදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියළුම කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එසේම උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන දේශන, සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මීට අමතරව 05 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සියළු උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම ද හෙට (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි.

එම තහනම අදාළ විභාග අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Turbulence injures 35 on Air Canada flight to Sydney

நாளை ‘புளு மூன்’ , ‘பிளட் மூன்’ மற்றும் ‘சூப்பர் மூன்’- 150 ஆண்டுகளுக்கு பிறகு அரிய நிகழ்வு

கையடக்க தொலைபேசிகளை கொள்வனவு செய்வோருக்கு விசேட அறிவித்தல்!