வகைப்படுத்தப்படாத

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(UTV| බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් අද (24) දිවුරුම් දීමට නියමිතය.

කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් එක්ලක්ෂ හැටදහසක් මෙම තෝරා ගැනීම සදහා ඡන්දය ප්‍රකාශ කර තිබේ.

සියලු හැකියාවන් ප්‍රදර්ශනය කරන කැබිනට් මණ්ඩලයක් තමන් ගොඩනගන බව එම ජයග්‍රහණය ලැබු බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

තෙරේසා මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දෙවන එළිසබෙත් මහ රැජිණ වෙත අද දිනයේ දී භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කියයි.

ඉන් අනතුරුව බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමීත බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வறட்சியினால் பாதிக்கப்பட்ட மக்களுக்காக இந்திய அரசாங்கம் தண்ணீர் பௌசர்கள் அன்பளிப்பு

රංජන්ට එරෙහි පැමිණිල්ලේ සාක්‍ෂි සටහන් කර ගැනීම කල් යයි

Bambalapitiya Hit-and-Run: AG files indictments against driver