வகைப்படுத்தப்படாத

මුස්ලිම් කොංග්‍රසය අද අගමැති සමඟ සාකච්ඡාවක

(UTV| කොළඹ) –  මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට සුදානමින් සිටියි.

ඒ යළි අමාත්‍යධූර භාර නොගැනීමට ගත තීරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.

ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සඳහා විසඳුම් ලබා ගැනීමටය.

ඒ අනුව එම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් අද දිනයේ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච්. එම්. එම්. හාරිස් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර අමාත්‍යධූර අත්හල සෙසු මුස්ලිම් මන්තී‍්‍රවරුන් සමග ද සාකච්ඡා කරන බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

Related posts

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

மேல் கொத்மலை நீர்த்தேக்கத்தின் வான் கதவுகள் திறப்பு

Sixteen hour Water cut for several areas of Colombo