வகைப்படுத்தப்படாத

කුවේට්හිදී හිරිහැරවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් 30 ක් දිවයිනට

(UTV | කොළඹ) – කුවේටයේදී විවිධ තාඩන පීඩනවලට ලක්ව එරට පොලිස් රැඳවුම්භාරයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

මේ අයගෙන් වැඩි පිරිසක් කුවේට්හි නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය වන අතර , ඔවුන් එහිදී විවිධ තාඩන පීඩනවලට ලක්ව ඇති බවත් සදහන්.

එරට සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල් සහ භාණ්ඩත් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම පිරිස ශ්‍රී ලංකාවට එවා ඇත්තේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන්.

Related posts

நாடுகடத்தும் மசோதாவை ஹாங்காங் நிர்வாகம் மீளப் பெறப்பட்டது

ප්‍රබලතම වේග පන්දු යවන්නා ඉන්දියාවේ ජයත් සමග ලෝක කුසලානයට සමුදෙයි

ஐக்கிய அமெரிக்க பிரதி செயலாளர், மங்கள சரவீரவை சந்திப்பு