வகைப்படுத்தப்படாத

මීළඟ විශේෂ කාරක සභාවට මාධ්‍ය වාරණයක්

(UTV| කොළඹ) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ ලබන 24 වැනිදා පැවැත්වෙන මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.

එදින‍ට සාක්ෂි විමසීස සඳහා බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු කැඳවා තිබීම හේතුවෙන් කාරක සභාවේ සාමාජිකයන් එක්ව මෙම තීරණය ගත් බවද හෙ‍තෙම කී‍ය.

ඒ අනුව එදිනට සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණෙන කිසිදු නිලධාරියෙකු ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට මාධ්‍යවලට ඉඩ ලබා නොදෙන බවද එ මහතා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

விமலின் விளக்கமறியல் காலம் நீடிப்பு

Rami Malek: Bond terrorist ‘not driven by religion’

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.