வகைப்படுத்தப்படாத

වැටලීම් රාජකාරියේ සිටි පොලිස්ට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – දොඩම්ගොඩ බොම්ඹුවල ප්‍රදේශයේ වැටලීම් රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක බෝම්ඹුවල ප්‍රදෙශයේ පදිංචි අයෙකි.

ඊයේ (16) පස්වරුවේ සුදු පොළක් වැටලීමට ගිය දොඩංගොඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමකට සුදු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් පහරදී දී තිබු බවත් පහරකෑමට ලක්වු උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් කලුතර නාගොඩ රෝහලේ තවදුරටත් ප්‍රථීකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසයි

දොඩංගොඩ පොලිසියි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන මෙහෙයවන අතර සැකකරු අද (17) කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பிரேசில் நாட்டில் வெடிகுண்டு வீசி ஜெயில் உடைப்பு

Shreya and Sonu come together for love song

மூடப்படவுள்ள ஈஃபில் கோபுரம்…