வகைப்படுத்தப்படாத

හෙට (16) සිට වැසි සහිත කාලගුණයේ තරමක වැඩිවීමක්

(UTV| කොළඹ) – දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (16) සිට, බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බවයි .

තවද ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කලහැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

பேரிணையம், நலத்திட்ட நிதிகளை வழங்காததால் கிளிநொச்சி பனை தென்னை வள தொழிலாளர்கள் பாதிப்பு!

Emmy winning actor Rip Torn passes away at 88

Navy apprehends 6 Indian nationals with 2379 kg of beedi leaves in Lankan waters [VIDEO]