வகைப்படுத்தப்படாத

විදුලිය සැපයීම යතා තත්වයට

අද (09) උදෑසන සිට යළිත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාවය පළ කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වය මේ වන විට සමථයකට පත්ව තිබේ.

තෙල් ලබාදීම අත්හිටුවීම හේතුවෙන් ඊයේ දිනයේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණි.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ රුපියල් බිලියන 80ක ණය සීමාව ඉක්මවීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම නතර කර ඇති බවයි.

මේ නිසා විදුලිබල මණ්ඩලයට අයත් තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනය කිරීම නතර සිදු විය.

ඒ නිසා මෙගාවොට් 150ක විදුලි නිෂ්පාදනයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇත.

ඒ හේතුවෙන් ඊයේ පස්වරුවේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිද වැටීම් වාර්තා වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சமைப்பதன் மூலம் டென்ஷனை குறைத்துகொள்ளும் பிரிட்டன் பிரதமர்

විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්

රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ඇගයීම සම්මාන උළෙල අදයි