வகைப்படுத்தப்படாத

යල කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක්

(UTV| කොළඹ) – පසුගිය  වර්ෂයේ(2018) යල කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කර තිබේ.

කෘෂි රක්ෂණ මණ්ඩලය මගින්, 2018 යල කන්නේ සඳහා වී, බඩ ඉරිඟු ලොකු ලූනු, අර්තාපල්, සොයා, අමුමිරිස් ඇතුළු අනිවාර්ය බෝග 6කට මේ වන්දි මුදල ලබා දෙනු ලබයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2750ක් සඳහා මෙම වන්දි ප්‍රදානය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු දෙවන දා සිදු කිරීමට  නියමිතය.
විශේෂයෙන්ම ස්වභාවික විපත් වන ගංවතුර ,නියඟය මෙන්ම  වන අලින් විසින්සිදු කළ වගා හානි  වෙනුවෙන් මේ වන්දි ගෙවීම සිදු කෙරේ.
 2018 වර්ෂයේ දී  රට තුළ අක්කර 23,605ක් හානිවී ඇති අතර එම  ගොවීන් 20,113 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 556 ක වන්දි  ලබා දෙයි.එක අක්කරයක් සදහා අනුමත මුදල රුපියල් 40,000 කි.ඒ පූර්ණ වගා හානි වෙනුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Angelina Jolie confirms her casting in ‘The Eternals’ at Comic Con

ස්පෙක්ට්‍රම් ගුවන් යානය දිවයිනට පැමිණීම ගැන සැකයක්

புதிய தீவிரவாத முறியடிப்பு சட்ட மூலம் உருவாக்கப்பட்டு வருகின்றது