வகைப்படுத்தப்படாத

මරණ දඬුවම් තීන්දුව කල් යයි

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිටින සිරකරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  පෙත්සම නැවත ඔක්තෝම්බර් මස 31 වනදා කැඳවීමට අධිකරණය තීරණය කරයි.

මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

පිළිබඳව මූලික කරුණු  සලකා බැලීමක් සිදු කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් එම පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන තීන්දුව අද(17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් ඔක්තෝබර් මස 30 වැනිදා තෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් එම අවස්ථාවේ තම තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.

ඒ අනුව මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඔක්තෝම්බර් මස 31 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Ruhunu Uni. temporarily closed

உணவு ஒவ்வாமையால் பல மாணவர்கள் மருத்துவமனையில்

Navy apprehends 4 Indian fishers for poaching in Lankan waters [VIDEO]