வகைப்படுத்தப்படாத

නේපාලයට ඇතිවූ ජල ගැලීම් වලින් 47 ක් මියගොස් 29 ක් අතුරුදන් වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාලයට බලපා ඇති ගංවතුර සහ නයායෑම් හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් අවතැන්ව සිටින බවත් , අයහපත් කාලගුණයෙන් තුවාල ලැබූ පුද්ගලයන් ගණන 30කට අධික බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති අතර , 29 දෙනෙකු අතුරුදන්ව තිබෙන බව එරට මාධ්‍ය පවසයි.

මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලීම හේතුවෙන් නේපාලය, බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාවේ මිලියනකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නිවාස, රථවාහන හා වගාබිම් රැසක්ද ජලගැලීම්වලට හසුව ඇති අතර , ගංගා රැසක්ද මේ වන විට පිටාර මට්ටමට ළඟා වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර සහ නායායෑම් වලින් විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් සහන සේවා මෙහෙයුමක්ද එරට බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.

Related posts

பெல்லன்வில ரஜமகா விகாரையின் விகாராதிபதி வைத்தியசாலையில் அவசர சிகிச்சைப் பிரிவில்

மழையுடன் கூடிய காலநிலை

Saudi Arabia increases Sri Lanka’s Hajj quota