வகைப்படுத்தப்படாத

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය යලි නිකුත් කරේ

(UTV| කොළඹ) – දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තිය ප්‍රකාරව යළි නිකුත් කර තිබේ.

දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තු, නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු සියලූම කාර්යයන් හා සේවාවන් සඳහා ශ්‍රමය සැපයිය යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය මස 27 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“Sri Lanka keen to expand defence cooperation with Japan” – President

பிரதமர் நரேந்திர மோடிக்கு என்றுமில்லாத அளவு பாதுகாப்பு அச்சுறுத்தல்

த.தே. கூட்டமைப்பின் செயற்பாடுகளை நிறுத்த மக்கள் நடவடிக்கை எடுக்க வேண்டும் – ஆனந்தசங்கரி