வகைப்படுத்தப்படாத

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්

(UTV – කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ලබන සතියේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, එම වැඩසටහන ලබන 31 සිට 02 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ , ගම්පහ, කළුතර , මාතර , හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම මදුරු මර්දන වැඩ සටහන ක්‍රියත්මක වේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය සඳහන් කළේ ය.

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

මෙම කාලය තුළ ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,000 කි.

Related posts

அரசியல் கட்சிகளுடன் பேச்சுவார்த்தைகளை ஆரம்பித்த தம்பிக்க பெரேரா!

இலங்கையை வைத்து இந்தியாவில் மேற்கொள்ளப்பட்ட இணைத்தாக்குதல் முறியடிப்பு

“Abolition of death penalty, a victory of drug kingpins, criminals” – President