வகைப்படுத்தப்படாத

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

 

(UTV | කොළඹ) – මේ දිනවල දිවයින හරහා පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් , වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම නිවේදනයේ සදහන්. ‍

එසේම, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

Arrest after details of 100 million US individuals stolen

ஓமான் குடாவில் இரண்டு எண்ணெய்த் தாங்கி கப்பல்களை தாக்கியது ஈரானே!! – அமெரிக்கா

இதே நாளில் 2001 ஆம் ஆண்டு