வகைப்படுத்தப்படாத

ජවිපෙ ‘‘පාද සටන’’ විරෝධතා පාගමන අද ඇරඹේ

 

(UTV | කොළඹ) – ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ‘‘පාද සටන’’ විරෝධතා පාගමන අද (07) කලුතර දිස්ත්‍රික්කයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

හෙට (08) පෙරවරුවේ යළිත් මොරටුවෙන් ගමන් ආම්භ කර පස්වරු 03 ට නුගේගොඩ එලිමහන් රංග පීඨය අසලට පැමිණ විරෝධතා රැලියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සමගාමීව , පාස්කු ප්‍රහාර මාලාවට අදාලව රජයේ වගකීම් විරහිත භාවය ඇතුලු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පාගමන පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේය.

 

 

 

Related posts

ஜனவரி முதல் மே மாதம் வரை 1104 வீதி விபத்துக்கள்

Facebook ups funds for Sinhala, Tamil expertise

கொச்சி விமான நிலையத்திற்கு பூட்டு