வகைப்படுத்தப்படாத

ජනාධිපති අපේක්ෂකයා ගැන අගමැති සුළු පක්ෂ මතය විමසීමට යයි

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) –  ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින  සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සුළු පක්ෂ දරන ස්ථාවර සහ ඔවුන්ගේ යෝජනාවන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 5 වැනි දා දිනයේම මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහ්රූෆ් මහතා  පැවසීය.

මේ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය වන තම පක්ෂයේත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රගතශීලී සන්ධානය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මෙම සාකච්ඡාවට කැඳවා ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තෝරාපත්කර ගන්නා ජනාධිපති අපේක්ෂකයා හට සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය ලබාදෙන බවත් සියළු පක්ෂවල එකඟත්වය හා කැමැත්ත මත ජනාධිපති අපේක්ෂකයකු තෝරාපත් කරගත යුතුව ඇති බවත් කීය.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතිකාවක් නිර්මාණය වී ඇති නමුත් එම පෙරමුණේ සාමාජිකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඒ පිළිබඳ කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බවත් මහ්රූෆ් මහතා කියා සිටියේය.

Related posts

පුජිතට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට ඇප

Sri Lanka urged to release Ukrainian Captain after three years of detention

Kalu Ganga rising to flood level