வகைப்படுத்தப்படாத

කොහුවල වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මිය යයි

(UTV – කොළඹ) –  කොහුවල ප්‍රදේශයේදී ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

අද (28) අලුයම 1.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලෑන්ඩ්කෘෂර් රථයේ රියදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තබා පළා ගිය සැකකරුවන් අත්අඩංගුවවට ගැනීමට කොහුවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

டெங்கு நோய் ஒழிப்பு திட்டம் : பொதுமக்களின் பங்களிப்பு அவசியம்

பெண்ணொருவரிடம் தவறாக நடக்க முற்பட்ட நபருக்கு நேர்ந்த கதி

கடற்கொள்ளையர்களிடம் இருந்து மீட்கப்பட்ட கப்பலில் உள்ள அனைத்து உபகரணங்களும் பொசாசோ துறைமுகத்திற்கு