வகைப்படுத்தப்படாத

කලුතර මුහුදේ දිය නෑමට ගිය සිසුවියෙකු දියේ ගිලි අතුරුදන්.

(UTV| කොළඹ) – කලුතර – ශාන්ත සෙබස්තියන් මාර්ගයේ තිබෙන මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුවියෙකු දියේ ගිලි අතුරුදන්වී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කලුතර දකුණ බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15 ක සිසුවෙක්.

පොලීසිය සඳහන් කළේ ඊයේ (21) පස්වරුවේ තවත් මිතුරන් සිව්දෙනෙකු සමඟ මුහුදේ දියනෑමට ගිය අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි.

පොලිසිය , කලුතර දකුණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව දියේ ගිලි අතුරුදන්වු සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உட பலாத்த உப பிரதான சங்கநாயக்கர் பதவிக்கான நியமனம் வழங்கும் புண்ணியநிகழ்வு

முதன் முறையாக காஷ்மீர் முஸ்லிம் பெண் விமானி ஆகிறார்

மின்சார விநியோக கம்பிகளுக்கு அருகில் கட்டிடங்கள் நிர்மாணிப்பது தொடர்பில் புதிய சட்டம்