வகைப்படுத்தப்படாத

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද (05) කැඳවා ඇති බව එම කොමීසම කියයි.

මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි තාක්ෂණික උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනිමට මෙම කැඳවිම කර තිබේ.

එසේම කොමිසමේ පොලිස් ඒකකය මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කර ඇති අතර ,වී ගබඩා කිරීමෙන් ගුවන්තොටුපොළේ තාක්ෂණික උපකරණ රැසකට හානි සිදුව ඇති බව එහිදී හෙළිවී ඇති බව පැවසේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2016 මාර්තු මාසය දක්වා කාලය තුළ රුපියල් 850000ක කුලියක් ගෙවා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක වී ගබඩා කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஒரே இரவில் 12 ஆயிரம் கோடி ரூபாய்க்கு அதிபதி ஆன மாணவன்

Premier to testify before PSC on Aug. 06

அமெரிக்கா வடகொரியாவுடன் நேரடி பேச்சுவார்த்தையில் ஈடுபட்டுள்ளது