வகைப்படுத்தப்படாத

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර්ජාලයෙන්

(UTV| කොළඹ) – 2019 උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ විභාග ප්‍රවේශ පත්‍ර අද (24) සිට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

එම දෙපාර්තුමේන්තුව කියා සිටියේ පසුගියදා පැවති තැපැල් වර්ජනයත් සමඟ ප්‍රවේශ පත්‍ර අයදුම්කරුවන් වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතින බැවින් මෙම පියවර ගත් බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://doenets.lk/ පිවිස ජාතික හැදුනුම්පත් අංකය හෝ ජංගම දුරකතන අංකය ඇතුලත් කර අදාල ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වෙන බැවින් විභාග ප්‍රවේශපත් සහ විභාග මධ්‍යස්ථාන ද වෙන් වෙන්ව සකස් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அரச வைத்திய அதிகாரிகள் சங்கத்தினர் நாளை பணிபகிஷ்கரிப்பில்

Case against Chief of Defence Staff postponed

சரிகமப இசை நிகழ்ச்சியில் யாழ்ப்பாணத்தை சேர்ந்த சிறுமி கில்மிஷா முதலிடம்