வகைப்படுத்தப்படாத

ඇල්පිටියෙන් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් වර්ජනයකට

(UTV| කොළඹ) – කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ හේතුවෙන් තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද (23) උදෑසන සිට බස් වර්ජනයකට එක්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ‍ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව අප ඇල්පිටිය වාර්තාකරු පවසයි.

ලියාපදිංචි නොකළ බස් රථ මඟින් ජනතාව හිතුමතේ රැගෙන යන බවත්,එය කිසිදු වගකීමකින් තොර හා අවසරයින් තොර ක්‍රියාවක් බව ‍පෞද්ගලික බස් රථ රියදුරෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇති බවත්, එයට නිසි පිළිතුරක් හිමිවන තෙක් මෙම වර්ජනය සිදු කරන බවත් ඔවුහු වැඩි දුරටත් කියති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

Fair weather to prevail in most of Sri Lanka

இந்திய விமானியை விடுதலை செய்வதாக பாகிஸ்தான் அறிவிப்பு