வகைப்படுத்தப்படாத

ඇමරිකානු යුද හමුදා කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැහැ – අමෙරිකානු තානාපතිනී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ඉදිකිරීමේ කිසිදු සැලසුමක් හෝ අභිලාශයක් නොමැති බව අමෙරිකානු තානාපතිනී අලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී සඳහන් කර සිටියේ මෙරට තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට යන බවට අසත්‍ය ප්‍රචාර පැතිර යන අතර එවැනි කිසිදු හමුදා කදවුරක් ස්ථාපති කිරීමේ සැලැසුමක් නොමැති බවයි.

දැනට දෙරට අතර සාකච්ඡා සිදුකරමින් පවතින්නේ සහයෝගීතා පහසුකම් පිළිබද පමණක් බවත්, ඕනෑම ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මුළුමනින්ම ගරුත්වය දක්වමින් සිදුවනු ඇති බවත්, ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UN expert to visit SL to assess rights to freedom of peaceful assembly

Fuel Pricing Committee to convene today

இரட்டைக் குடியுரிமை நாடாளுமன்ற உறுப்பினர்கள்:குடிவரவு குடியகழ்வு திணைக்களத்துக்கு உத்தரவு