வகைப்படுத்தப்படாத

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනපති අතින්

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් ප‍්‍රදානය සහ සංවිධායක ධූරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඒ අනුව මොරටුව ආසනයේ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස තිලංග සුමතිපාල මහතා ද, රත්නපුර ආසනයේ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස නීතිඥ පි‍්‍රයන්ත කරුණාතිලක මහතා ද, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙ නව සංවිධායක ලෙස බී.ආර්. උඩවත්ත මහතා ද, ඇලහැර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සම සංවිධායක ලෙස රෝහිත හත්තොටුව මහතා ද පත් කර සිටි.

මහනුවර ගලගෙදර ආසනයේ නව සංවිධායක ලෙස ලාල් සිසිර බණ්ඩාර ගිරිහාගම මහතා ද,බිබිල ආසනයේ නව සංවිධායක ලෙස නීතිඥ උදාර සොයිසා මහතා ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර දිස්ති‍්‍රක්ක කිහිපයක් සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට ද මෙහිදී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි පිළිගැන්විණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Venugopal Rao retires from all forms of cricket

கொழும்பில் 46 வது பங்களாதேஷ் பாதுகாப்பு தினம்

கடந்த வருடத்தில் நேரடி வெளிநாட்டு முதலீடு 2.8 பில்லியன் ரூபா