வகைப்படுத்தப்படாத

ශ්‍රී.ල.පො.පෙ නව දේශපාලන සන්ධානයකට ගිවිසුමකට අත්සන් තැබීම අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන පක්ෂ කිහිපයක් අද (26) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

දැනට ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතුකරන දේශපාලන පක්ෂ හැර නව දේශපාලන පක්ෂ සහ සංවිධාන 10 ක් අද ඊට අත්සන් තබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේය.

මේ පිළිබඳව දේශපාලන පක්ෂ 29 ක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඒ අතරින් දේශපාලන පක්ෂ 10 ක් සමඟ මෙලෙස පළමු වටයේදී අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CMI elects Murali Prakash as President at 18th AGM – [IMAGES]

Boris Johnson’s Brexit policy ‘unacceptable’ – EU negotiator

எவரெஸ்ட் சிகரம் ஏறி நேபாள வீரர் சாதனை